Posts

Showing posts from 2017

මධ්‍ය සැකසුම් ඒකකය

Image
 මධ්‍ය සැකසුම් ඒකකය (CPU)             පරිගණක පද්ධතියේ මූලික අංගය වන්නේ මධ්‍ය සැකසුම් ඒකකයයි. පරිගණකයේ මොළය ලෙස හඳුන්වනු ලබන මධ්‍ය සැකසුම් ඒකකය විධානවලට අනුව ක්‍රියාත්මක වන අතර මෙහෙයුම් පද්ධතිය සහ යෙදවුම් මෘදුකාංග ක්‍රියාත්මක කරන්නා ද වේ. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වේ. ඒවායෙහි ක්‍රියාකාරිත්වය මෙසේ ය.

පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක

Image
ප්‍රතිදාන උපක්‍රම 1.  පරිගණක තිරය ( Computer Screen) -                        මෘදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කරනු ලබන ප්‍රධාන ම උපක්‍රමය වන්නේ පරිගණක තිරයයි. මෙය දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය යනුවෙන්ද හැඳින්වේ.   2. බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය/ප්‍රජෙක්ටරය (Multimedia Projector) -                      එක වර කිහිප දෙනෙකුට නැරඹිය හැකි ලෙස පුළුල් තිරයකට තොරතුරු ප්‍රතිදානය කර ගැනීමට අවශ්‍ය වූ විට යොදා ගන්නා උපක්‍රමය බහු මාධ්‍ය ප්‍රක්ෂේපකයයි. ගුරුවරයාට ඉගැන්වුම් මාධ්‍යයක් ලෙස යොදා ගත හැකි සමර්පන පෙන්වීමට ද, ව්‍යාපාර  රැස්වීම් පැවැත්වීමේ දී ද, විනෝදය සඳහා වීඩියෝ දර්ශන නැරඹීමට ද යොදා ගනු ලබන  මෙම උපාංගය පරිගණක පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පුළුල් තිරයක් මතට අවශ්‍ය තොරතුරු ප්‍රතිදානය කර ගත හැකියි. 3. මුද්‍රණ යන්ත්‍ර (Printers) -                                                               

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුනා ගනිමු

Image
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුනා ගනිමු  පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක ආදාන උපක්‍රම පරිගණක පද්ධතිය වෙත දත්ත ලබා දෙන්නේ ආදාන උපක්‍රම මගිනි. මෙවැනි ආදාන උපක්‍රම විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය. යතුරු පුවරුව (Key board) -                                         පරිගණකය වෙත දත්ත ආදානය කරනු ලබන ප්‍රචලිත ම උපක්‍රමය යතුරු පුවරුව  ලෙස දැක්විය හැකි ය. එහි සැලැස්ම සාම්ප්‍රදායික යතුරු ලියනයක මෙන් වන නමුත්  අතිරේක ක්‍රියාකාරකම් සඳහා අතිරේක යතුරු යොදා නිර්මාණය කර ඇත.               2 .  මූසිකය (Mouse) -                                පරිගණක තිරයෙහි දිස්වෙන අංග  දැක්වීම සඳහා වූ ජනප්‍රිය ම උපක්‍රමය  මූසිකය වේ. මූසිකය යම් කිසි අංගයක් මත  ක්ලික් කිරීමේ දී එම දත්තයක් ලෙස ආදානය  වේ.                3.  ස්පර්ශ සංවේදී  තිරය (Touch screen) -                                                                          නවතම පරිගණක සහ  ජංගම දුරකථනවල ආදාන සහ  ප්‍රතිදාන උපාංගය වන්නේ ස්පර්ශ  සංවේදී තිරයයි. මෙම  තිරය ස්පර්ශ කිරීම මගින් දත්ත  ආදාන