තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුනා ගනිමු

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුනා ගනිමු


 පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක


ආදාන උපක්‍රම


පරිගණක පද්ධතිය වෙත දත්ත ලබා දෙන්නේ ආදාන උපක්‍රම මගිනි. මෙවැනි

ආදාන උපක්‍රම විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.



    1. යතුරු පුවරුව (Key board) - 

                                       පරිගණකය වෙත දත්ත ආදානය කරනු ලබන ප්‍රචලිත ම උපක්‍රමය යතුරු පුවරුව ලෙස දැක්විය හැකි ය. එහි සැලැස්ම සාම්ප්‍රදායික යතුරු ලියනයක මෙන් වන නමුත් අතිරේක ක්‍රියාකාරකම් සඳහා අතිරේක යතුරු යොදා නිර්මාණය කර ඇත.




              2. මූසිකය (Mouse) - 

                              පරිගණක තිරයෙහි දිස්වෙන අංග දැක්වීම සඳහා වූ ජනප්‍රිය ම උපක්‍රමය මූසිකය වේ. මූසිකය යම් කිසි අංගයක් මත ක්ලික් කිරීමේ දී එම දත්තයක් ලෙස ආදානය වේ. 


              3. ස්පර්ශ සංවේදී තිරය (Touch screen) - 
                                       
                                නවතම පරිගණක සහ ජංගම දුරකථනවල ආදාන සහ ප්‍රතිදාන උපාංගය වන්නේ ස්පර්ශ සංවේදී තිරයයි. මෙම තිරය ස්පර්ශ කිරීම මගින් දත්ත ආදානය කිරීම සිදුවේ. මෙය ද දැක්වීමේ උපාංගයකි. මෙහි තිරය ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සඳහා යොදා ගැනේ. 





උපුටා ගැනීම-  http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/Information%20and%20Communication%20Technology%20G%2010%20S/chapter%202.pdf

Comments

Popular posts from this blog

මධ්‍ය සැකසුම් ඒකකය

පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක